Ada-Derana-1140-X-60-S 1200 add-02

රසායනික කාන්දුව නිසා ගිනිගත් නැවට කටාර් හා ඉන්දියාව ඇතුළු වෙන්න දී නෑ.. කොළඹට එන්න අවසර දීලා..

71
11453136468821839297
add-01

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ බහාලුම් සියල්ලම මේ වනවිට ගින්නෙන් විනාශ වී තිබේ.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම් ලා තිබූ ‘එම්.වී එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ පසුගිය 20වන දාය.

පෙරේදා (25) දිනයේ නෞකාවේ පිපිරීමක් සිදුවූ අතර ඒ සමග නෞකාවේ තිබූ බහාලුම් රැසක් මුහුදට වැටී තිබුණි.

පසුව වේගයෙන් පැතිර ගිය ගින්නත් සමග වරින්වර තවත් බහාලුම් මුහුදට වැටීම සිදුවිය.

දිගින් මීටර් 186ක් සහ පළලින් මීටර 34ක් වන මෙම නෞකාව පුරා ගින්න පැතිරගොස් තිබුණි.

මේ අතර නාවික පුවත් සේවයවක් වාර්තා කරන්නේ කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති රසායන කාන්දුව පළමුව හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට කිලෝමීටර දහස් ගණනක් දුරින් පිහිටි අරාබි මුහුදේදී බවය.

මේ අනුව සිංගප්පුරු සමාගමකට අයත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරාය ආසන්නයට පැමිණීමට පෙර ඉන්දියාව සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකකට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

එහෙත් අදාළ නෞකාවට එම වරායන් දෙකට ඇතුළුවීම සඳහා අවසර හිමි නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නෞකාව අයත් සිංගප්පූරු සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හාට්නෝල් උපුටා දක්වමින් වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුළ ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය කාන්දුව බවය.

මෙම නෞකාව තුළ බහාලුම් 1,486 ක් තිබී ඇති අතර නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් අඩංගු බහාලුම් කිහිපයක් ද ඒ අතර වන බව සඳහන්ය.

එම රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් නෞකාවේ ගින්න හටගෙන ඇති බව අදාළ සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව, මෙම අනතුර හඳුනාගත් අවස්ථාවේ නෞකාවේ කපිතාන්වරයා විසින් ඉන්දියාවේ හසීරා සහ කටාර් රාජ්‍යයේ හමාඩ් යන වරායන්වලට නෞකාව ඇතුළු කිරීම සඳහා අවසර ඉල්ලා තිබේ.

එහෙත් එම වරායන්වලින් යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් කොළඹ වරාය වෙත මෙම නෞකාව යාත්‍රා කරවා ඇති බව වාර්තා වේ.

මේ වනවිට මෙම නෞකාව සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති බවට අදාළ නෞකාව අයත් සමාගම විසින් පිළිගෙන ඇති බවද සඳහන්ය.

මෙම නෞකාව කොළඹ වරායට පැමිණීම සම්බන්ධයෙන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ,
“මේ සම්බන්ධයෙන් තාම අපිට කිසිම තොරතුරක් ලැබෙන්නේ නෑ. සෑම අංශයක් ගැනම අපි හොයලා බලනවා,” යනුවෙනි.

අදාළ නෞකාවේ ඉන්ධන කාන්දුවීම වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.