ජූනි මස ඇනවුම සදහා නිකුත් කරන එල් පී ගැස් සදහා නව මිල අද ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව නව මිල ගණන් වන්නේ ටොන් එකක් සදහා ඇමරිකානු ඩොලර් 530 කි.
මෙම මිල ගනන් තීරනය කරනු ලබන්නේ ‘සෞදි ඇරම්කෝ’ ආයතනය වන අතර මෙම මිල වැඩිවිම මැයි මාසයට වඩා 9% වැඩිවීමකි.
මේ අනුව දේශිය වෙලෙදපොල තුල අලෙවි කරන සිලින්ඩරයක මිල රුපියල් 2100 ක් වත් විය යුතු බවට ගැස් අලෙවි කරන සමාගම් දෙකේම නියොජිතයින් කියා සිටිති.