Ada-Derana-1140-X-60-S 1200 add-02

කොරෝනා රෝගීන් 330කට ඔක්සිජන් දෙති.. ආසාදිතයන් 8000ක් නිවෙස්වල.. දැඩි අර්බුදයක් ඉදිරියේ..

66
11453136468821839297
add-01

දැනට කොරෝනා ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට නොහැකිව නිවෙස් වලට වී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එමෙන්ම කොරෝනා ආසාදිතව ඔක්සිජන් මත යැපෙන රෝගීන් 330ක් පමණ පෙරේදා දිනය වන විට රෝහල්ගතව සිටි බවද ඔවුන් පෙන්වා දෙයි.

කලන් 149ක්ව සිට දින හතරක් ඇතුළත එම රෝගීන් සංඛ්‍යාව 330 ක් බවට පත්වූ බවද ඔවුන් පවසයි.

පවතින තත්ත්වය අනුව ඉදිරි දින කිහිපයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයට ලක්වී කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම අපේක්ෂා කළ හැකි බවද සංගමය අනතුරු අගවයි.

කෙසේ වෙතත් මේ වන විට කොරෝනා ආසාදිතයන් සඳහා සූදානම් කර ඇඳන් වලින් හය දහසක් පමණක් හිස් ව ඇතැයි ද සංගමය මාධ්‍ය අමතමින් කියා සිටියහ.