ඉන්දුනීසියාවේ දැවැන්ත මගී යාත්‍රාවක් ගිනිගැනීමකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගිනි ගැනීම හේතුවෙන් එහි ගමන් ගත් කාර්ය මණ්ඩලය සහ මගීන් 200 කට වැඩි පිරිසක් සාගරයට පැන දිවි ගලවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නැති බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් නැවට හානිසිදුවී ඇති අතර පසුව ටග් යාත්‍රා යොදාගෙන අසල තිබූ වරායක් වෙත නෞකාව ගෙන යාමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.