ඇදිරි නීතියත් කඩාගෙන කෝවිලේ උත්සවයක්… August 23, 2021 210 හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන දිඹුල බොගහවත්තේ කොවිලේ (22) දින උත්සවයක් පැවැත්විම සම්බන්ධයෙන් එම කොවිලේ පාලක සභාවට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය. තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කිසිදු අනුමැතියකින් තොරව හින්දු පුජකවරයෙකු සහභාගි කර ගනිමින් කිසිදු නිරෝධායන සෞඛ්‍ය උපදෙසක් නොපිලිපදිමින් එම උත්සව පවත්වා ඇති බවට තමන් වෙත තොරතුරු ලැබි ඇති බවත්, එම තොරතුරු පදනම් කරගනිමින් නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ. එම උත්සවයට විශාල පිරිසක් සහභාගි වි ඇති බවත්, එම උත්සවයට සහභාගි වු කිසිදු පුද්ගලයෙකු මුඛ ආවරණ නොපැලද සිටින ආකාරය එම උත්සවයට සහභාගි වු අයෙකු විසින් සිය ජංගම දුරකථනයේ පටිගත කර තිබුණි.