කොවිඩ් වසංගතයේ මූලාරම්භය ගැන නිශ්චිත අදහසක් නොමැති බවට අමෙරිකානු බුද්ධි අංශ වාර්තාවක් නිකුත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කොවිඩ් වසංගතයේ මූලාරම්භය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට බුද්ධි අංශ වෙත නියෝගයක් නිකුත් කළේ මීට මාස කිහිපයකට පෙරදීය.
ඒ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ලබාදිය නොහැකි බව මේ වාර්තාව මගින් දන්වා ඇතැයි බුද්ධි අංශ පෙන්වා දී ඇති බව සඳහන් වෙයි.
කොවිඩ් වෛරසය චීනයේ වූහාන් හි විද්‍යාගාරයකින් කාන්දු වූ බවට මීට පෙර වාර්තා පළවිය.
වෛරසය කෘත්රීමව සකස් කළ එකක් බවටද වාර්තාවල සදහන් ව තිබුණි.
කෙසේ වුවත් චීනය දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කළේ අමෙරිකාව වෙත සිය දැඩි විරෝධය පළකරමිනි.