ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල ප්‍රදේශයට එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 60 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගුවන්තොටුපොළේ ප්‍රධාන ගේට්ටුව අසල සිදුව ඇති අතර දෙවන ප්‍රහාරය බ්‍රිතාන්‍ය නිලධාරීන් පිරිසක් රටින් පිටවීම සඳහා රැඳිසිටි ගුවන්තොටුපොළ අසල හෝටලයක් ඉදිරිපිට සිදුව ඇති බව වාර්තා වේ.
එම ප්‍රහාරවලින් මියගිය පිරිස අතර අමෙරිකානු හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
————————
කාබුල් ගුවන්තොටුපොළ අසල විශාල පිපිරීමක්
August 26, 2021 08:10 pm
ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල විශාල පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
CNN පුවත් සේවය පැවසුවේ එම පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවය.
මේ අතර එම ප්‍රහාරයෙන් ළමයින් සහ කාන්තාවන් ඇතුළුව 11 දෙනෙක් මියගොස් ඇතැයි තලෙබාන් සංවිධානය පැවසීය.
BBC පුවත් සේවය ට ප්‍රකාශයක් කරමින් තලෙබාන් ප්‍රකාශකයෙක් ඒ බව තහවුරු කර ඇති බව සඳහන් වෙයි.
එම පිපිරීමෙන් තලෙබාන් භටයින් කිහිපදෙනෙක් ද තුවාල ලබා තිබේ.
ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කළේද යන්න මෙතෙක් හෙළිවී නොමැත.