අද (27) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි ගනුදෙනු ආරම්භයේ පටන් ඉහළ උච්ඡාවචනයන් නිරීක්ෂණය කළ හැකිවිය.
බොහෝ ආයෝජකයින් බලාපොරොත්තු වූ පරිදි ගනුදෙනු ආරම්භ වී මිනිත්තු කිහිපයක් ඇතුළත සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 සීමවා පසු කර ගිය ද වැඩි කාලයක් ඒම මට්ටමේ රැඳී සිටීමට ඊට අවකාශ නොලැබිණි.
දිනයේ ගනුදෙනු කාලපරිච්ඡේදය තුළ දී ඒකක 9,000 සීමාව ඉක්මවා සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය දෙවන දිනය අදයි. මීට පෙර මෙම වසරේ ජනවාරි 29 දින ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 සීමාව පසු කර ගොස් තිබුණි.