Ada-Derana-1140-X-60-S 1200 add-02

“3% කට පුළුවන්ද මගේ පේජ් එක වට්ටන්න ” – ඉරාජ්

196
11453136468821839297
add-01

මේ වෙලාවේ ආන්දෝලාත්මක කතාබහකට ලක් වෙන ඉරාජ් වීරරත්නගේ මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා අපි ඔහුගෙන්ම අහලා බැලුවා.

ඉරාජ් වීරරත්න කියන්නේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයෙක්. නමුත් ඔහු එම අධ්‍යක්ෂ ධුරයෙන් කාටවත් හිතාගන්න බැරි විදිහට ඉල්ලා අස්වෙනවා. ඒ වගේම ඔහුගේ facebook ගිණුම අත්හිටවනවා. මේවාට හේතුව මොකක්ද කියලා ඔහු අපි සමග කිව්වේ මෙන්න මේ වගේ කතාවක්

ජේ.වී.පී එක මාධ්‍යහමු තියලා ගවුම් අදින ඉරාජ්ගේ facebook අකවුන්ට් එක ගැලෙව්වේ අපි කියලා කියනවා.
එතකොට ඔයගොල්ලන්ටත් තේරෙනවා නේද මේ පක්ෂයේ ඉන්න උන් කොච්චර බොරු කියනවද කියලා. ඕක තමයි මුන් 2014, 2015 කළෙත්. අරවා තියෙනවා මේවා තියෙනවා ලැම්බෝගිනි තියෙනවා, රත්තරන් අශ්වයෝ ඉන්නවා කියලා මුන් කොච්චර බොරු කියල මිනිස්සු රවට්ටනවද? ඒ විතරක් නෙමෙයි මිනිස්සු කොච්චර පාරට බස්සලා කෑගස්සනවා ද? මේ පක්ෂයේ කට්ටියගෙන් මං පොඩි ආතල් එකක් ගත්තේ. ඔයගොල්ලන් දන්නෑ සංවිධානාත්මකව උදේ ඉඳන්ම මගේ page එකට කුණුහරප කියලා බැනලා මැසේජ් දාලා රිපෝට් කරනවා. මේවා කරන්නේ මුන් සංවිධානාත්මකව. ඉතින් මං මුන්ගෙන් ආතල් එකක් ගන්ඩ ඕන හින්දා මගේ පේජ් එක ටිකවෙලාවකට unpublish කරා. මම ඊට පස්සේ එකේ තිබ්බ කුණුහරප වගේ දේවල් අයින් කරලා මේක සුද්ද කරලා දැම්මා, වැඩිපුරම තියෙන්නේ මුන් කුණුහරුපෙන් බැනපු එවා හින්දා. මුලින්ම ප්‍රශ්නේ තිබ්බේ antigen කතාවක්. දිලිප් ජයවීර එක්ක වසන්ත artwork එකක් හදලා ඒකට දිලිප් ගේ නම්බර් එක දාලා made in srilanka antigen ගන්න පුළුවන් රුපියල් 80 ට කියලා වෙන කවුද හදලා දැන් ඒකට මාව අල්ලගෙන ඉන්නවා. මම ඔය ගැන හරියටම දන්නෙ නෑ. මං මේ ගේ ඇතුලට වෙලා ඉන්නේ මේ ලෙඩේ හින්දා පරිස්සම් වෙන්ඩ. බලන්න මංගල සමරවීර විතරක්ද මහරජා සභාපතිත් නැති වුණා මේ වසංගතය නිසා. මේකෙන් කාටවත් බේරෙන්න බෑ.

කවුරු කරත් ඒක මිනිස්සු මුළා කරන බොරු එකක් ඒගොල්ලන් ඊට පස්සේ දාල තිබ්බා ඒක කලේ මම කියලා. ඒ විතරක් නෙවෙයි අර පහුගිය දවස් ටිකේ කතාවක් ගියේ ළමයෙක්ගෙ ඒ වෙබ්සයිට් එකත් කරේ මම කියලා මට මඩ ගහල තිබ්බා.
ගොඩක් අය මට ”පේපෑල් පේපෑල්” කියලා මඩ ගහනවා තාමත්. මං ඒ වෙනුවෙන් දැගලුවේ අපේ රටේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන්. මට ඕක ගන්ඩ නෙවෙයි. දැනට පේපෑල් එකෙන් කැමැත්තක් දක්වලා තියෙනවා ලබන අවුරුද්දේ මේ ගැන සලකා බලනවා කියලා.

ළමයි ගැහුවා කියලා තවත් බොරුවක් යනවා. එහෙම එකක් නෑ මම මේ ගෙදර වෙලා ඉන්නේ. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට විස්වාස කරනවා social media වල මේ කියන බොරු. අපේ රටේ මිනිස්සු කැමතියි තවත් මිනිහෙක් වැටෙනවා බලන්න. අපේ මිනිස්සු ගොඩක් සතුටක් ලබනවා මේ දේවල් වලින්. ඇත්තටම 2018, 2019 තිබ්බ විදිහට රට ගියානම් ලොකුම අවුලක්. ඉතිං අපි ඒ වෙලාවේ ජනාධිපතිවරණෙදි උදව් කරා. නමුත් මම මාස ගාණකට ඉහත මම නාමල් මන්ත්‍රීතුමාට කිව්වා මට විවේකයක් ඕනේ කියලා මොකද මම දේශපාලනඥයෙක් නෙවෙයි. ආර්ටිස් කෙනෙක්. ඒ කාලේ අනුව මම රට වෙනුවෙන් පෙනී හිටියා. නමුත් වර්තමානයේ ආණ්ඩුව කරන පිස්සු වැඩ වලට අපිට වගකියන්න බෑ. මට විශ්වාසයක් තියෙනවා ඉදිරියේදී ජනාධිපතිතුමා මොකක් හරි වෙනසක් කරයි කියලා.

මේ රටේ දේශපාලනය කියන්නේ පට්ටම ජරා තැනක්. මේ සිස්ටම් එක එක පාරටම වෙනස් කරන්න අමාරුයි. නිලධාරීන්ගේ ඉදලා මේක වෙනස් වෙන්ඩ ඕනේ. ලංකාව දූෂිතම රටක් වෙලා. ඉතින් මම සාමාන්‍යයෙන් කලේ මියුසික්. මම ඒ වැඩ ටික කරගෙන යන එක තමයි හොඳම දේ කියලා මම තීරණය කරා. මම ගොඩක් අසරණ ළමයින්ට පිහිට වුණා පිළිකා හැදුණු ළමයිට වගේ විශේෂයෙන්ම. ඒ්වගේ ම මං අද වෙනකන් ආන්ඩුවේ පඩියක් අරගෙන නෑ. දැන් මම නිදහස්. නමුත් මගේ සහයෝගය ඉදිරියටත් ජනාධිපතිතුමාට දෙනවා.
ඉරාජ් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාව පහතින් සම්පූර්ණයෙන් බලන්න