කාබුල් ගුවන්තොටුපළ අසල ජනාකීර්ණ ප්‍රදේශයකට අද (29) පස්වරුවේ රොකට් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඒ කාබුල් ගුවන්තොටුපොළට යළිත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඇෆ්ගනිස්තානයේ අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා පැය කිහිපයක් ඉක්මයන්නටත් මත්තෙන්ය.
කාබුල් ගුවන්තොටුපොළ ආසන්නයේදී ඉකුත් බ්‍රහස්පතින්දා IS ත්‍රස්තයින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 175 දෙනෙකු මියගිය අතර ඉන් 13 දෙනෙක් අමෙරිකානු හමුදා සාමාජිකයින් වෙයි.
කාබුල් ගුවන්තොටුපළේ දරුවන් රැකබලා ගැනීම හේතුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වූ අමෙරිකානු හමුදා සෙබළියක් ද අදාළ ප්‍රහාරයෙන් මිය ගොස් තිබුණි.