ජනාධිපති මාධ්‍ය අංශය විසින් පළකර ඇති නිවේදනයක් සම්බන්ධයෙන් මම මෙම ලිපිය ලියමි. අද ශ්‍රී ලංකාවේ ජනාධිපති මාධ්‍ය අංශයේ සිටිනේ ලංකාවේ දැවැන්ත මාධ්‍ය ආයතන දෙකක සේවය කල අප කවුරුත් දන්නා කිංස්ලි රත්නායක මහතා සහ සුදේව හෙට්ටි ආරච්චි මහතා යන දෙදෙනායි.
නමුත් අද ජනාදිපති මාධ්‍ය අංශය යනු ඉතාමත් හෑල්ලුවට ලක්වෙච්ච ස්ථානයක් බවට පත්ව ඇති බවයි සඳහන් කල යුත්තේ.
ඊට හොඳම නිදසුන තමයි අද දින නිකුත් කර ඇති මෙම මාධ්‍ය නිවේදනය.
එහි ඇති සිංහල වැරදි නිවැරදි කිරීමට කිසිවෙකුත් නැතිද ? එසේ නැතිනම් සුදේව සහ කිංස්ලි මේවා ගැන බලන්නේ නැතිද?
ජනාධිපතිවරයාගේ නම හරියට ලියා ගන්න බැරි තරමට ජනාධිපති මාධ්‍ය අංශය පත්ව තිබීම ඇත්තටම කණගාටුවට කාරණයක්.
මෙම නිලධාරින් විසින් සිතාමතා මෙරට ජනාධිපතිවරයා හෑල්ලුවට ලක්කිරීමක් ද කියා සිතෙනවා.
ඇත්තටම කණගාටු විය යුතුයි.
රටේ ප්‍රධාන පුරවැසියාගේ මාධ්‍ය අංශයේ මෙය සිදුවිය හැකිද?