කොවිඩ් වෛරසය ආසාදනය වී නිවාසවල නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 14,000කට අධික බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය.
එම වැඩපිළිවෙලට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මාර්ගයෙන් ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරිය සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඇය පවසා සිටියේ, “අද දින වන විට අපිට බලාගන්න රෝගීන් සිටිනව 14,223ක් මෙයින් අපි රෝහල්ගත කරලා තියෙන්නේ, මුළු රෝගීන් 52,368න් 607 දෙනයි. ප්‍රතිකාර අවසන් කරලා ඔවුන් ආපසු නිරෝගී තත්ත්වයෙන් නැවත මේ පද්ධතියෙන් මුදාහැරලා තියෙනවා 37,448 මේකට ඔබ ලියාපදිංචි වීමට නම් ප්‍රදේශයේ MOH වෛද්‍යවරයා හරහා මේ පද්ධතියට ලියාපදිංචිවීමට වගබලාගත යුතුයි. ඔහු විසින් භාර දෙන එම රෝගීන් මේ පද්ධතියට අරගෙන සාර්ථක සහ සුරැකිව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ බලාගන්නවා.“ යනුවෙනි.
මේ අතර එම වැඩසටහන මේ වන විට නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ තවදුරටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළාය.