Ada-Derana-1140-X-60-S 1200 add-02

අරලිය, නිපුණ, නිවු රත්න, සූරිය, හිරු සහල් තොග රජයට පවරා ගනී.. මෝල් වටා සැලසුම්කල විරෝධතා… [Photo]

198
11453136468821839297
add-01

පොලොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මූ හිමියන් සතුව පවතින සහල් තොග රජයට පවරා ගැනීම අද සිදු කෙරින.

ඒ අනුව නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න, සහ සූරිය සහල් මෝල් සතුව පවතින තොග පවරා ගැනීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතාගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ සිදූ අධීක්ෂණය යටතේ සිදුවිය.

පොලොන්නරුව ප්‍රදේශයේ සියලු මහා පරිමාණ සහල් මෝල් සතුව පැවති වෙළෙඳපොළ වෙත නිකුත් නොකළ සහල් තොග රජයේ පාලන මිල ගණන් යටතේ පවරා ගැනීමත් සමග සතොස වෙළඳසැල් වෙත ප්‍රවාහනය එම අවස්ථාවේදීම ආරම්භ කෙරුණි. මෙම සහල් තොග කඩිනමින් පාරිභෝගික ජනතාව වෙත නිකුත් කිරීම රජයේ අරමුණයි.

නිව් රත්න සහල් මෝල සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේ දී එහි හිමිකාරිත්වය විසින් සැලසුම් සහගතව විරෝදතා මතුකල අතර නිලධාරින්ගේ රාජකාරියටද බාධා කෙරින.

රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යාම සහ හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම පිළිබඳව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විසින් මෙම සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර තිබිණි.

නමුත් එකඟ වූ පරිදි ඔවුන් කටයුතු නොකිරීම හේතුවෙන් සහල් තොග රජයට පවරාගෙන බෙදාහැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දී තිබිණි.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.