Ada-Derana-1140-X-60-S 1200 add-02

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස ඕමානයට

234
11453136468821839297
add-01

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20යි 20 තරඟාවලියක් සඳහා ඔක්තෝබර් 3වනදා ඕමානය බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වීමට නියමිත 20යි 20 තරඟාවලිය සඳහා තරග 2ක් ඇතුළත් වේ.

පළමු තරඟය ඔක්තෝබර් 7වනදාත් දෙවන තරඟය ඔක්තෝබර් 9වනදාත් පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට නියමිත අතර ඊට පෙරහුරුවක් ලෙස මෙම තරඟාවලිය සංවිධානය කර තිබේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන පුහුණු තරඟ දෙකක් සඳහා ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරඟ දෙක ඔක්තෝබර් 12 සහ 14 යන දිනයන්හී දී පැවැත්වීමට නියමිතය.

එම තරග අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 ලෝක කුසලානයේ පළමු වටයේ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිත අතර පළමු තරඟය ඔක්තෝබර් 18වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.

පළමු වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරඟය ඔක්තෝබර් 20වනදා අයර්ලන්තයට එරෙහිවත් තුන්වන තරඟය ඔක්තෝබර් 22වනදා නෙදර්ලන්තයට එරෙහිවත් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.