කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 804 දෙනෙකු අද (10) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,832කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 480,468ක් දක්වා ඉහළගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,512ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 409,628ක් විය.