මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තම රාජ්‍යය අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට නියමිතව තිබේ.
ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද පෙරවරුවේ භාරදෙනු ඇත.
ඉන් අනතුරුව ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව තිබේ.
මේ අතර පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා නැවත පත් කරනු ඇති බවට ද වාර්තා වෙයි.
7,770 views