ලොව ප්‍රධාන සමාගමක් මෝටර් රථ නිෂ්පාදනය අඩුකරයි May 24, 2022 17 චීනයේ ෂැන්හයි නගරයේ පනවා ඇති දැඩි කොවිඩ් නීති හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදනයට බලපෑම් එල්ලවී තිබේ. ෂැන්හයි නගරයේ කර්මාන්ත ශාලා රැසක් ක්‍රියාත්මක නොවන අතර ඒ හේතුවෙන් සෙමි කන්ඩක්ටර් හිඟයක් ඇතිවී තිබුණි. ජපානයේ ටොයෝටා සමාගම ටද ඉන් බලපෑම් ඇතිවී ඇති අතර එම සමාගම නිවේදනය කළේ ජූනි මාසයේදී මෝටර් රථ සංඛ්‍යාව 100,000කින් පමණ අඩුකිරීමට තීරණය කළ බවය. ඒ අනුව ජූනි මාසයේදී මෝටර් රථ නිෂ්පාදනය 850,000ක් දක්වා අඩුකිරීමට තීරණය කළ බව එම සමාගම පැවසීය. නමුත් 2023 වසරේ මාර්තු වනවිට එම සමාගමේ මෝටර් රථ නිෂ්පාදන සැලැස්මට ඉන් බලපෑමක් ඇති නොවන බව වාර්තා වෙයි.