සෝමේගේ අලුත් චිත්‍රපටයට ඇන්තනී පවුලේ තාත්තලා පුතාලා සහ මිනිබිරිය May 24, 2022 40 ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක මහතාගේ නවතම චිත්‍රපටය වන ‘සිංහබාහු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ජැක්සන් ඇන්තනීව සහ ඔහුගේ පුත් අකිල ධනුද්ධර සහ සජිත අනුත්තර ඇන්තනීව තෝරාගෙන තිබෙනවා. ඒ වගේම සිංහබාහු චිත්‍රපටයේ ‘සිංහසීවලී’ගේ ළමා කාලය සඳහා අකිලගේ ආදරණීය දියණිය ආරණ්‍යා ඇන්තනීව තෝරාගෙන තිබෙනවා. සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සිරිපැරකුම් චිත්‍රපටය තුළින් අකිල ධනුද්ධර සිනමාවට පැමිණි අතර ඔහුගේම අධ්‍යක්ෂණයක් වුණු ‘සූරිය අරණ’ චිත්‍රපටය හරහා සජිත ඇන්තනී ළමා රංගන ශිල්පියෙක් ලෙස සිනමාවට පැමිණියා.