අරගලයේ නාමයෙන් සාමන්‍ය ජනතාව භාවිතයට ගන්නා පොදු මාර්ග අවහිර කිරීමෙන් වළකින ලෙස මෙරට පූජ්‍ය පක්ෂය සියලූ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඉල්ලීම් දිනාගත යුත්තේ අසාධාරණ ලෙස කෝපාවිශ්ට වී කටයුතු කිරීමෙන් නොව සාමකාවීව කටයුතු කිරීමෙන් බවයි උන්වහන්සේලා පෙන්වා දෙන්නේ.
පූජ්‍ය පක්ෂය සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවති මහජන සභාව නම් වැඩසටහනට එක්වෙමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කලා.
එම හමුවට සිරිල් ගාමිණි පියතුමන්ද එක්වුණා.
ආණ්ඩුව විසින් ගෙනඒමට නියමිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් මෙලෙස අදහස් පළ කලා.