ස්වාධීන වූ පක්ෂ 10 හා අගමැති අතර අද සාකච්ඡාවක්… May 26, 2022 27 ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 ක එකමුතුව අද පස්වරු 05 ට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ඒ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන තාක්ෂණික කාරණා කිහිපයක් පිළිබද බවයි නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා කියා සිටියේ. මේ අතර 21 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කෙටුම්පතෙහි යම් සංශෝධන ඇත්නම් හෙට පස්වරු 05ට පෙර දැනුවත් දැනුවත් කරන ලෙසයි පක්ෂ නායකයින්ගෙන් පසුගියදා ඉල්ලා තිබුණේ. මේ අද පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට කරුණු දැක්වූ වීරසුමන වීරසිංහ මහතා.