03 වන T20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 04 ක ජයක් June 12, 2022 27 ඔස්ටේරලියාවට එරෙහි 03 වන පන්දුවාර 20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 04 ක විශිෂ්ඨ ජයක් අත්වුණා. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 176 ක්. ඩේවිඩ් වෝනර් 39 ක්ද මාර්කස් ස්ටොයිනිස් 38 ක්ද ස්ටීවන් ස්මිත් නොදැවී 37 ක් ද රැස්කලා. මහීෂ් තීක්ෂණ ළකුණු 25 කට කඩුලු 02 ක් බිඳහෙලුවා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා. තරගයේ වීරයා සම්මානය දිනාගත් නායක දසුන් ශානක පන්දු 25 කදී නොදැවී ළකුණු 54 යි. 06 පහර 04 ක් සහ 04 පහර 05 ක් ඊට අයත්. පැතුම් නිස්සංක 27 ක්ද චරිත් අසලංක 26 ක්ද ලබාගත්තා. ජොෂ් හේසල්වුඩ් සහ මාර්කස් ස්ටොයිනිස් කඩුලු 02 බැගින් බිඳහෙලුවා. දෙරට අතර පළමු එක්දින තරගය ලබන අගහරුවාදා පල්ලේකැලේ හිදී පැවැත්වීමට නියමිතයි.