අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම නම්කරයි

31
Ada-Derana-1140-X-60-S 11453136468821839297

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (14) පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.

අද පස්වරු 2.30ට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පළමු එක්දින තරගය ආරම්භ වීමට නියමිතය.

තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා එක්දින තරගාවලියේ පළමු තරග දෙක පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් එක්දින තරග 3 පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පල්ලෙකැලේදී පැවැත්වෙන පළමු තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකම ඊයේ (13) සිය පුහුණුවීම් වල නිරත විය.

දෙරට අතර මෙතෙක් එක්දින තරග 97ක් පවත්වා ඇති අතර ඉන් තරග 32ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත.

තරග 61ක් ජයගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවය.

අද තරගය පැවැත්වෙන පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව එක්දින තරග 27ක් ක්‍රීඩා කර ඇත.

ශ්‍රී ලංකාව ඉන් තරග 13ක් ජයගෙන ඇති අතර තරග 13ක් පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ අවසන් වරට සහභාගීවූ එක්දින තරග 5න් තරග 3ක් ජයගෙන ඇත.

එක්දින කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් මෙහෙයවන අතර එම කණ්ඩායම පහතින්.

1. දසුන් ශානක – නායක
2. ධනුෂ්ක ගුණතිලක
3. පැතුම් නිස්සංක
4. කුසල් මෙන්ඩිස්
5. චරිත් අසලංක
6. ධනංජය ද සිල්වා
7. වනිඳු හසරංග
8. චාමික කරුණාරත්න
9. දුෂ්මන්ත චමීර
10.මහීෂ් තීක්ෂණ
11.දුනිත් වෙල්ලාලගේ