බොන තේ කෝප්ප ගණන අඩු කරන්නැයි ඉල්ලීමක් June 15, 2022 23 ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා දිනකට පානය කරන තේ කෝප්ප සංඛ්‍යාව අඩු කරන ලෙස පකිස්ථාන රජය එරට වැසියන්ට දන්වා තිබෙනවා. ලොව විශාලම තේ ආනයනකරු ලෙස සැළකෙන්නේ පකිස්ථානයයි. පසුගිය වසරේදී ඔවුන් විසින් ඩොලර් මිලියන 600 කට ආසන්න වටිනාකමින් යුත් තේ ආනයනය කර තිබුණා. පකිස්ථානයද මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අතර විදේශ සංචිත අසීමිත ලෙස අඩුවීමත් සමග ආනයන සඳහා ගෙවීමට මුදල් නොමැති තත්වයක් උදාවී තිබෙනවා. එබැවින් තේ පරිභෝජනය අඩු කිරීම සඳහා දිනකට පානය කරන තේ කෝප්ප සංඛ්‍යාව 01 – 02 ත් අතර සංඛ්‍යාවකින් අඩු කරන ලෙසයි පකිස්ථාන රජය එරට වැසියන්ට දන්වා සිටින්නේ.