චීන ජනපතිගෙන් – රුසියානු ජනපතිට ඇමතුමක් June 16, 2022 27 චීන ජනාධිපති ෂී ජින් පිං සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ. යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාකච්ඡා මාර්ගයෙන් යුක්රේන අර්බුදය විසඳීමට සියලු පාර්ශව කටයුතු කළ යුතු බවට චීන ජනාධිපතිවරයා එහිදී රුසියානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් යුක්රේනය සම්බන්ධයෙන් රුසියාවේ ක්‍රියාව හෙළාදැකීමට හෝ එය ආක්‍රමණයක් ලෙස හැදින්වීම ප්‍රතික්ෂේප කර ඇති චීනය සාකච්ඡා මාර්ගයෙන් ගැටලුවට විසඳුම් ලබාගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි. ඒ, සඳහා පූර්ණය සහාය ලබාදීමට ද චීන ජනාධිපතිවරයා එකඟතාව පළකර තිබේ.