අමෙරිකාව බිළිඳන් ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සැරසේ June 20, 2022 50 මාස 6යේ සිට අවුරුදු 4 දක්වා ළමුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය අනුමැතිය ලබාදී තිබේ. එම මධ්‍යස්ථානයේ එන්නත් නිර්දේශ කිරීම සඳහා පත්කරනු ලැබු උපදේශක මණ්ඩලය විසින් ලබාදුන් නිර්දේශ මත අදාළ අනුමැතිය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව, මොඩර්නා සහ ෆයිසර් යන එන්නත් එම ළමුන් සඳහා අනුමත කර ඇත. ළමා රෝග විශේෂඥයින්ගේ අධිකෂණය යටතේ බිළිඳන් ලේඛනගත කරමින් අවශ්‍යතාව මත එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.