ලංගම හාන්සියි.. ටයර්, ටියුබ් නැතිව හොදම තත්වයේ බස් දහසක් කොට උඩ.. June 23, 2022 18 ටයර් සහ ටියුබ් ඇතුළු අමතර කොටස් නොමැතිකම හේතුවෙන් තවදුරටත් ධාවන තත්වයේ පවතින හොඳ තත්වයේ ලංගම බස් රථ දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇතැයි ලංගම පොදු සේවක සංගමය කියා සිටී. අම්පාරේ පිහිටි ටයර් නැවත පුරවන කර්මාන්තශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය නිසිලෙස නොලැබෙන නිසා එම කර්මාන්ත ශාලාවද වැසීයාමේ තත්ත්වයකට පත්ව ඇතැයි සංගමේ සභාපති සාගර ධනංජය මහතා පැවසීය. අමතර කොටස් නොමැතිවීමෙන් දීර්ඝ කාලයක් නවතා තබන බස්රථ පසුව යකඩවලට විකුණා දැමීම සිදු වන බවත් ඇතැම් අවස්ථාවල කාර්මික දෝෂ වලට ලක්වන බස්රථවල අමතරව කොටස් ගලවා සුළු කාර්මික දෝෂවලට ලක්වන බස්රථවලට සවිකර ධාවනය කිරීම ද සිදු වන බව ඔහු සදහන් කලේය. මෙම සියලුම ක්‍රියාවන්ගෙන් විශාල මහජන දේපල ප්‍රමාණයක් විනාශ වී යන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.