ලබන වසර වනවිට ඉන්දියාව, චීනය අභිබවන ළකුණු July 14, 2022 34 ලබන වසර වනවිට චීනය අභිබවා ඉන්දියාව ලොව වැඩිම ජනගහණයක් සහිත රට බවට පත්වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළකරනවා. ඒ අනුව ඉන්දියාවේ ජනගහණය බිලියන 1.4 ක් බවට පත්වනු ඇති බවයි ඊයේ නිකුත් වූ නවතම වාර්තාවක දැක්වෙන්නේ. කෙසේවෙතත් ලෝක ජනගහණ වර්ධන වේගය 1950 වසරෙන් පසු අවම අගයකට පත්ව ඇති බවද එක්සත් ජාතීන් පෙන්වා දෙනවා. ලබන නොවැම්බර් මාසය වනවිට ලෝක ජනගහණය කෝටි 800 ක් බවට පත්වනු ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානද සඳහන් කලා. 2080 වසර වනවිට එය බිලියන 10 ක් හෙවත් කෝටි 1000 ක් බවට පත්වනු ඇති බවටයි පුරෝකතනය කර ඇත්තේ. කෙසේවෙතත් ඉදිරි වසර 30 තුළදී ජනගහණය වැඩිම වර්ධන වේගයක් සහිත රටවල් බවට කොංගෝ – ඊජිප්තුව – ඉතියෝපියාව – පකිස්තානය – ඉන්දියාව – නයිජීරියාව – පිලිපීනය සහ ටැන්සානියාව යන රටවල් පත්වනු ඇති බවටද අනාවැකි පළවනවා.