පාකිස්තානයටත් කඩුලු 2ක් අහිමි වෙයි…. July 16, 2022 31 සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වුණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 222කට සීමාවිය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි. ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දුගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 11කි. දිනේෂ් චන්දිමාල් ලකුණු 76ක් රැස් කළේය. ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කිරීමට අද පස්වරුවේ පිටියට පිවිසි පාකිස්තානයේ කඩුලු 2ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත් විය. අද දිනට තරගය නතර කරන විට පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 24ක් ලබා සිටියේය. ඒ අනුව පාකිස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තවත් ලකුණු 198ක් පිටුපසින් සිටී.