ඉන්ධන දෙන්නේ දුවන බස්වලට විතරයි..- රජය

15
Ada-Derana-1140-X-60-S 11453136468821839297

මින් ඉදිරියට බස්රථ සඳහා ඉන්ධන ලබා දීමේදී ධාවනයට එක් නොවන බස් රථ වලට ඉන්ධන ලබා ලබා නොදෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

මගී ජනතාවගේ අවශ්‍යතාවය සඳහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කළ යුතු බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කරයි.

පිටකොටුව බැස්ටියන් මාවත බස් පර්යන්තයෙන් අන්තර් පළාත් සියලු බස් රථ සඳහා ඉන්ධන ලබාගැනීමේ පහසුකම් සකස් කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් සියලු බස් රථ ධාවනයට එකතු කරන ලෙසද බස් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු තව දුරටත් පැවසීය.