සහල් හිගයක්.. මිල ඉහල දමන්නැයි ඉල්ලයි..

40
Ada-Derana-1140-X-60-S 11453136468821839297

විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් සහල් කිලෝවක නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

මෙතෙක් සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට විදුලිය සඳහා රුපියල් 1.50 ක මුදලක් වැය වුවද නව මිල ඉහළ නැංවීමත් සමඟ ඒ රුපියල් හතර දක්වා ඉහළ ගොස් ඇතැයි සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව අවම වශයෙන් ද සහල් කිලෝවක් රුපියල් 2.50 කින් වත් ඉහළ යා යුතු බවද හෙතෙම පැවසීය.

දැනට වී කිලෝවන සහතික මිල රුපියල් 120ක් හා සහල් කිලෝවක සහතික මිල රුපියල් දෙසිය විස්සක් වන වන නමුත් වී මිලට සාපේක්ෂව සහල් මිලක් මුලින්ම ප්‍රකාශයට පත් යුතු බවත් එසේ නැතිවුවහොත් මෙවර කන්නයෙන් වී අලෙවි කර ගැනීමේ දී ගොවි ජනතාවට ගැටලු ඇතිවිය හැකි බවත් හෙතෙම තවදුරටත් පෙන්වා දෙයි.

එමෙන්ම විදේශයන්ගෙන් ගෙන්වන ලද සහල් තොග අවසන් වූ පසු යළිත් සහල් හිගයක්ද නිර්මාණය වනු ඇතැයිද ඔහු කීය.