Ada-Derana-1140-X-60-S 1200 add-02

වැදි ජනතාවට එක වේලක්වත් කන්න නෑ… උග‍්‍ර ආහාර අර්බුදයක්…

39
11453136468821839297
add-01
බිබිල රතුගල ගම්මානයේ ආදිවාසී ජනතාව මේ දිනවල දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින බව එහි නායක සුදා වන්නිලඇත්තෝ පවසති.
ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමග තම ජනතාව මෙම තත්ත්වයට පත්ව ඇතැයිද හෙතෙම කියා සිටියේය.
වැදි පවුල් 110ක් පමණ ගම්මානයේ ජීවත්වන බවත් තරුණ තරුණයන් කිසිවෙකුටත් කිසිදු රැකියාවක් හෝ කුලී වැඩ පවා මේ දිනවල නොමැති බවද පැවසූ ඔහු ඒ නිසා දිනකට එක ආහාර වේලක් පවා සොයාගැනීමට නොහැකිව සිටින බවද පැවසීය.
පවතින ආහාර හිගය නිසා දරුවන් පාසල් යෑම නවතා දැමීමට කටයුතු කර ඇති බවත් ඇතැම් දරුවන් හා ගැබිනි මවුන් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඔහු කියා සිටියි.
ආදිවාසී ජනතාවට ගොවිතැන් සිදු කිරීමට පොහොර හා ඉඩම් ප්‍රශ්නය උග්‍ර ව බලපා තිබෙන නිසා ගොවිබිම් සියල්ල වියැලෙමින් තිබෙන බව ද ආදිවාසී නායකයා පෙන්වාදෙයි.