Ada-Derana-1140-X-60-S 1200 add-02

මහවැලි ගගේ දිය නැමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්…

88
11453136468821839297
add-01

මහවැලි ගගේ දිය නැමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙක් අතුරුදහන් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි නිමන්ත ඉදුනිල් නැමති (17) හැවිරිදි පාසල් සිසුවෙකි.

සිසුවා මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටි සිසුවෙක් බවද පැවසේ.

අතුරුදහන් වු පාසල් සිසුවා ඔහුගේ මිතුරන් සහ ඥාතින් සමග (13) දින ශ්‍රි පාද වන්දනාවේ ගොස් ආපසු නිවස කරා (14) දින යමින් සිටියදි දිවා ආහාරය ලබා ගැනිම සදහා නාවලපිටිය මල්ලන්ද ප්‍රදේශයේ මහවැලි ගග හරහා ඉදි කර ඇති පාලම අසල ඔහුගේ මිතුරන් සමග දිය නැමට මහවැලිගගට බැස ඇත.

දිය නාමින් සිටි තරුණයා එකවරම මහවැලි ගගේ අතුරුදහන් වු බවත් , අතුරුදහන් වු තරුණයා සොයා ඔහුගේ මිතුරන් පිරිස මහවැලි ගගේ සොයා ඇතත් , මෙතෙක් එම තරුණයා හමු වි නොමැත.

තරුණයා අතුරුදහන් වි ඇත්තේ මහවැලි ගගේ ගැඹුරුම ස්ථානයක බවත් , එම ස්ථානය දිය නැමට අවධානම් ස්ථානයක් බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

අතුරුදහන් වු තරුණයා සොයා නාවලපිටිය පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව මහවැලි ගගේ මෙහෙයුමක් දියත් කර ඇත.