කැබිනට් මණ්ඩලයේ හෝ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකිවන පරිදි නව චක‍්‍රලේඛයක් නිකුත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මෙම චක‍්‍රලේඛය අනුව මුදල් අමාත්‍යංශ ලේකම් හා අදාල අමාත්‍යංශ ලේකම් අතර සාකච්චාවකින් පමණක් මහා පරිමාණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කල හැකි වන බවද ප්‍රේමදාස මහතා කියා සිටියේය.
මෙමගින් අග්‍රාමාත්‍යවරයා ද ඇතුළුව කැබිනට් මණ්ඩලයේ සිටින සියලූ ඇමතිවරුන් පඹයන් බවට පත් කර ඇති බව ද ඔහු චෝදනා කළේය.
මෙමගින් සිදු කරන්නේ සංවර්ධන ක්‍රියාදාමය ශක්තිමත් කිරීම හෝ ඉක්මන් කිරීමක් නොවන බව ද ඔහු කියා සිටියේය.
විපක්‍ෂ නායකවරයා එල්ල කරන මෙම චෝදනාව සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් ද වාර්තා කර තිබේ.