Ada-Derana-1140-X-60-S 1200 add-02

පාතාල නායක කෙසෙල්වත්තේ දිනුක ඩුබායිහිදී මිය යයි…

87
11453136468821839297
add-01

මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු ද බව කියන රාජපක්‍ෂ ආරච්චිලාගේ දිනුක මධුසංඛ හෙවත් කෙසෙල්වත්තේ දිනුක නමැත්තා ඩුබායි රාජ්‍යයේ පිහිටි රෝහලකදී (13 දා) මියගොස් ඇත.

ඩුබායි රාජ්‍යයෙන් ලැබෙන ආරංචිමාර්ග පවසන්නේ කොවිඞ් වෛරසය ශරීර ගතවීමෙන් පසු ඇතිවූ හදිසි හෘදයාබාධයකින් දිනුක නමැති පාතාල නායකයා මියගොස් ඇති බවයි.

මහා පරිමාණ හෙරොයින් ජාවාරම්, මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු මෙරට සිදුවූ දරුණු අපරාධ ගණනාවකට සම්බන්ධ මෙම පාතාල නායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ජාත්‍යන්තර පොලිසිය වෙත රතු වරෙන්තුවක්ද නිකුත් කර තිබිණි.

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට හෙරොයින් ජාවාරම මෙහෙයවූ මාකදුරේ මධුෂ් සහ අන්නාසි මොරිල් නමැත්තන් සම`ග එක්ව කෙසෙල්වත්තේ දිනුක දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ නිරත වී සිටි බව පොලිසිය පවසයි.

පිටකොටුවේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ කිත්සිරි රාජපක්‍ෂ සහ ඔහුගේ සොහොයුරා ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන දහයක් සම්බන්ධයෙන් කෙසෙල්වත්තේ දිනුකට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව පොලිසිය පවසයි.

මේ අතර දිනුකගේ පාතාල සගයන් පිටකොටුව, කෙසෙල්වත්ත, අළුත්කඬේ ඇතුළු ඒ අවට ප‍්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව කප්පම් මුදල් ලබා ගන්නා බවද පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ විශාල ගොඩනැගිල්ලක්ද මොහු විසින් ඉදිකර ඇති අතර තවත් ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ම මොහු විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි බවද වාර්තා වෙයි.

කෙසෙල්වත්තේ දිනුකගේ පියා වූ කෙසෙල්වත්තේ නීල් ද පාතලයට සම්බන්ධ පුද්ගලයෙකි. කෙසෙල්වත්තේ නීල් මීට වසර ගණනාවකට උඩදී ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් විසින් ඝාතනය කර තිබිණි.