Ada-Derana-1140-X-60-S 1200 add-02

සුවස් ඇලේ නැවක් හිරවීමෙන් තෙල් නැතිවේද.. ආනයන අපනයන නවතීද.. ලංකාවට සිදුවන බලපෑම මෙන්න..

94
11453136468821839297
add-01

සූවස් ඇලේ නෞකාවක් සිරවීම මෙරටට ඉන්ධන සැපයීමේ ක්‍රියාවලියට බලපෑමක් එල්ල නොකරන බවට වගකීමෙන් ප්‍රකාශ කළ හැකි යැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා මෙසේද පැවසීය.

සූවස් ඇලේ මීටර් 400 ක් දිග නැවත් හිරවීම නිසා ලෝක ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මේ පිළිබඳ විශේෂඥයන් පවසන්නේ මේ නැව ඉවත් කිරීම සඳහා දින 5ත් 14ත් අතර කාලයක් ගත වීමට ඉඩ ඇති බවයි. ඒ සමගම බොහෝ රටවල් වල ආනයන අපනයන ආර්ථිකයට දැවැන්ත බලපෑමක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයීම සම්බන්ධව කිසිම බලපෑමක් එල්ල වෙන්නේ නෑ කියන එක ඉතාම වගකීමෙන් කියන්න පුලුවන්.

එක පැත්තකින් ශ්‍රී ලංකාවේ දැනට දින දාහතරකට ප්‍රමාණවත් ඉන්ධන තොග අපි ගාව තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ඉදිරියේ දී ගැනීමට බලාපොරොත්තු වෙන සියලු ඉන්ධන නැව් පැමිණීමට නියමිතව තියෙන්නෙ මැදපෙරදිග ගල්ෆ් කලාපයෙන්. අපි ගත්තොත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේට් රාජ්‍යය, ඹ්මාන්, සෞදි අරාබිය වැනි රටවල් පිහිටියේ ගල්ෆ් කලාපයේ. ඒ නිසා මේ සූවස් ඇලේ නැව සිරවීම ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් සම්පාදනය සම්බන්ධයෙන් කිසිම බලපෑමක් සිදුකරන්නේ නෑ කියන එක අපට ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ අපනයන පැත්තෙන් බැලුවොත් ඔව් මෙය දින ගණනාවක් හිර වෙලා තිබුනොත් යම් බලපෑමක් එල්ල කෙරෙනවා. මොකද ශ්‍රී ලංකාවේ අපනයන වලින් 60% වැඩි ප්‍රමාණයක් සූවස් ඇළ හරහා තමයි යුරෝපයට, ඇමරිකා එක්සත් ජනපදයට, ලතින් ඇමරිකාවට ගෙනියන්නේ. එනිසා මේ ඇල දිගින් දිගටම සිර වෙලා තිබීම ලංකාවේ දැනටමත් යම් අභියෝගයන්ට ලක් වී තිබෙන අපනයනය විදේශගත කිරීමට යම් බලපෑමක් එල්ල කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයනකරුවන් වන්නේ චීනය ඉන්දියාව ප්‍රමුඛ ආසියාතික රටවල්. ඒ නිසා ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන ඒම සම්බන්ධයෙන් කිසිම බලපෑමක් සූවස් අර්බුදයෙන් එල්ල වෙන්නේ නැති බව මට ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්.

නමුත් ශ්‍රී ලංකාවට දැවැන්ත ලෙස තොග ගබඩා කර තබා ගැනීමට තරම් ප්‍රමාණවත් තෙල් ටැංකි වගේම අර මුදල් නැති කම නිසා අපි සීමිත තොගයක් තමයි පවත්වා ගන්නේ. දැනටත් සති දෙකකට ප්‍රමාණවත් තොගයක් තියෙනවා. මහ මුහුද මැද නැව් ගණනාවක් පැමිණෙමින් තිබෙනවා. හැබැයි සියලු දෙනාම ගිහිල්ලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉන්ධන මිලදී ගැනීමේ උත්සාහයක යෙදුනොත් කෘතිම හිඟයක් ඇති වීමට පුළුවන්. එහෙම කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නෑ. මොකද සූවස් ඇළ හරහා ශ්‍රී ලංකාවට තෙල් නැව්මගින් ගෙන ඒමක් සිද්ධ වෙන්නේ නැති නිසා.

ප්‍රශ්ණය : සූවස් ඇලේ නැව සිරවීම නිසා තෙල් මිල වෙනසක් වෙන්නේ නෑ නේද?

පිළිතුර : ලෝක වෙළෙඳ පොළේ මේ වෙනවිට තෙල් මිල ඉහළ යමින් පවතිනවා. එහි බලපෑමක් අපිට තිබෙනවා. ඇත්තම කියනවා නම් 2019 සැප්තැම්බර් පළවෙනිදා අවසාන වරට තෙල් මිල සංශෝධනය කරන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් හැටයි. මේ වන විට ඩොලර් හැත්තෑ වත් ඉක්මවා ගියා. නමුත් ඒ පාඩුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව දරමින් ජනතාවට පීඩනයක් එල්ල වීම වැලැක්වීමට අපි මේ දක්වා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ ඉන්ධන මිල සම්බන්ධයෙන් කෙසේ හෝ පාඩුව දරාගනිමින් අපේ රටේ ජනතාවට පීඩනයකින් තොරව නිවී සැනසිල්ලේ අවුරුදු සැමරීමට අවශ්‍ය අවකාශය සකස් කරන්න බලශක්ති අමාත්‍යවරයා විදිහට අපි බලාපොරොත්තු වෙනවා.