Ada-Derana-1140-X-60-S 1200 add-02

කොදෙව්වන් සමඟ දෙවන එක්දින තරඟය අද

90
11453136468821839297
add-01

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර දෙවන එක්දින ජාත්‍යන්තර තරඟය ඇන්ටිගුවා හි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.

පළමු තරඟයෙන් ජයග්‍රහණය කළ කොදෙව් පිල තම රට තුළ පිට පිට එක්දින තරග ජයග්‍රහණ දෙකක් ලැබීමේ විරල අවස්ථාව සඳහා උත්සාහයක නිරත වනු ඇති.

පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වීමට අවාසනාවන්ත දුවද්දී දැවීයාම් දෙකක් මුල්වූ අතර, පන්දු රැකීමට බාධා කළ බවට ධනුෂ්ක ගුණතිලකට ලබාදුන් දැවීයාම මතභේදයට ලක්වූ කරුණක්.

කෙසේ නමුත් පිතිකරුවන්ට වාසිදායක නෝත්වුඩ් තණතිල්ලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කොදෙව්වන්ට විශාල අභියෝගයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂිතයි.

මෙහිදී දුෂ්මන්ත චමීරගෙන් හොඳ පන්දු යැවීමක් ශ්‍රී ලංකා පිල අපේක්ෂා කරනවා.

ඔහු මෙලෙස සහභාගිවන්නේ 2018 වසරෙන් පසු සිය හත්වන එක්දින තරගයටයි.

අද තරගය සඳහා කමිඳු මෙන්ඩිස් වෙනුවට පළපුරුදු ක්‍රීඩක තිසර පෙරේරා යොදාගනු ඇතැයි අපේක්ෂිතයි.

මේ අතර සිය පවුලේ පෞද්ගලික කරුණක් හේතුවෙන් කොදෙව්වන් සමඟ විස්සයි විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවූ ඇන්ජලෝ මැතිව්ස් ඊයේ නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණි බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළා.