කාබුල් ගුවන්තොටුපලට බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ට කිසිදු සමාවක් නොදෙන බවත් ඔවුන් සොයාගෙන ගොස් දඩයම් කරන බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියාසිටියා.
මේ වන විට මෙම ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්තවාදය විසින් භාරගෙන තිබෙනවා.
සිදු වූ පිපිරීමෙන් ඇමෙරිකානු සෙබලුන් 13 දෙනෙකු සහ සිවිල් වැසියන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 150කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව වාර්තා කර තිබුණා.
කෙසේ නමුත් නවතම වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 90ක් දක්වා ඉහල ගොස් ඇති බවයි.
බුද්ධි වාර්තා පෙන්වා දෙන ආකාරයට තවමත් කාබුල් ගුවන් තොටුපළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හෝ රොකට් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතී.