ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් මිලියන 787 කට සමාන විශේෂ ගැනුම් හිමිකම් ප්‍රමාණයක් ඊයේ (31) දිනයේ දී ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන ලදී.
මෙහිදී බොහෝ දෙනා විමසා සිටියේ මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් තවත් ණයක් ද යන වගයි.
මොනවාද මේ වි.ගැ.හි. ?
විශේෂ ගැනුම් හිමිකම් හෙවත් කෙටි යෙදුමෙන් වි.ගැ.හි. යනුවෙන් හඳුන්වන්නේ 1969 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දී ක්‍රියාත්මක වන විදේශ සංචිත වත්කමකි. විදේශ සංචිත වත්කම් යනු අන්තර්ජාතික ගෙවීම් සහ ආයෝජනය කිරීම සඳහා පිළිගැනෙන වත්කම්ය. වර්ෂ 1973 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කළ බ්‍රෙටන් වුඩ්ස් ක්‍රමය යටතේ රටවල ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදී. ඒ යටතේ ගෙවුම් ශේෂ හිඟ පවතින රටවලට තම විනිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා විදේශ සංචිත වත්කම් අවශ්‍ය විය. එකල ප්‍රධාන විදේශ විනිමය සංචිත වත්කම් වූයේ රන් සහ ඇමරිකා ඒක්සත් ජනපද ඩොලර්ට. ඒහෙත් මේවායේ සැපයුම ජාත්‍යන්තර වෙළෙඳාමේ වර්ධන වේගය අනුව ප්‍රමාණවත් නොවීය. ඒබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව සංචිත වත්කමක් ලෙස වි.ගැ.හි. හඳුන්වාදීම සිදුකෙරිනි.
ආරම්භයේ දී වි.ගැ.හි. එකක වටිනාකම රන් ග්‍රෑම් 0.888671 ක් ලෙස නියම කළ නිසා එය රන් පරිවර්තීය වත්කමක් විය. එනම් වි.ගැ.හි. ඔ්නෑම අවස්ථාවක රන් වලට පරිවර්තනය කළ හැකි බවයි. ඒම අවස්ථාවේ දී ඩොලරයක මිල ද ඒම රන් ප්‍රමාණය වූ බැවින් වි.ගැ.හි. 1 ක් ඩොලර් 1 ක් විය.
1973 දී බ්‍රෙට්න් වුඩ්ස් ක්‍රමය බිඳවැටීමත් සමඟ ජාත්‍යන්තර සංචිත මුදල් වර්ග කිහිපයක වටිනාකම අනුව වි.ගැ.හි. වටිනාකම තීරණය කිරීමට පටන් ගත් අතර වර්තමානයේ එම මුදල් වනුයේ යූරෝ, යෙන්, ස්ටර්ලින් පවුම් සහ ඩොලර් ය. මෙහිදී යුරෝ, යෙන් සහ පවුම්වල ඩොලර් වටිනාකම යොදා ගැනේ. සෑම දිනකම ලන්ඩන් විනිමය වෙළෙඳපොළේ එම මුදල් සඳහා පවතින ඩොලර් මිල මේ සඳහා යොදා ගැනේ.
2021 අගෝස්තු 23 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එහි දැනට පවතින සාමාජිකයන්ගේ කෝටා ප්‍රමාණයෙන් සමානුපාතික වන ලෙස, එ.ජ. ඩොලර් බිලියන 650කට සමාන වි.ගැ.හි වෙන් කිරීමක් සිය සාමාජික රටවල් අතර බෙදා හරින ලදී. මෙමගින් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ පෙර නොවූ අර්බුදකාරී අවස්ථාව හමුවේ, රටවල විදේශ විනිමය සංචිතවලට අතිරේකව මුදල් සපයමින් සහ වඩා අධික පිරිවැයකින් යුතු දේශීය හා/හෝ විදේශීය ණය මත යැපීම අඩු කරමින්, ගෝලීය ආර්ථිකයට අතිරේක ද්‍රවශීලතාවයක් සැපයෙයි. වසංගතය හේතුවෙන් ඇති වන අහිතකර බලපෑම්වලට එරෙහි ක්‍රියාමාර්ග වේගවත් කරමින් සිය ආර්ථික ශක්තිමත් කිරීමට වි.ගැ.හි ප්‍රතිපාදන මගින් ලබා දී ඇති අවස්ථාව භාවිත කිරීමට රටවලට හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වි.ගැ.හි වෙන් කිරීම යනු එම අරමුදල වෙතින් ලබා දෙන ණයක් නොවන අතර, ඒ හා බැදුණු විශේෂ කොන්දේසි නොමැත. මීට පෙර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2009, 1979-81 සහ 1970-72 යන කාල වකවානුවල දී සාමාජික රටවලට වි.ගැ.හි ප්‍රතිපාදන වෙන් කර තිබුණි.
එ.ජ. ඩොලර් මිලියන 787කට සමාන වි.ගැ.හි වෙන් කිරීමක් ශ්‍රී ලංකාවට මෙහිදී ලැබුණි.
මේ අනුව මෙය ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ණයක් නොවන අතර ඊට විශේෂ කොන්දේසි අදාළ වන්නේ ද නැත.
අනෙක් අතට මෙය ශ්‍රී ලංකාවට පමණක් ලබා දුන්නක් නොවන අතර ඒක්සත් ජනපදය, ඒක්සත් රාජධානිය ඇතුළු ලොව ධනවත්, බලවත්, විශාල රාජ්‍යයන්ගේ සිට Micronesia, Tuvalu වැනි බොහෝ කුඩා රාජ්‍යයන් දක්වා කළ වෙන් කිරීමකි.