Ada-Derana-1140-X-60-S 1200 add-02

LTTE භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ ජෝර්ජ් මාස්ටර් අභාවප්‍රාප්ත වෙයි

229
11453136468821839297
add-01

එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ එහි භාෂා පරිවර්තකයා ලෙස කටයුතුකළ ජෝර්ජ් මාස්ටර් හෙවත් වේලුපිල්ලේ කුමාර් පංචරත්නම් මියගොස් තිබේ.

1936 වසරේ උපත ලද ජෝර්ජ් මාස්ටර් මියයන විට 85 වන වියෙහි පසු වුණි.

යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු පසුගිය කාලය කෝපායි ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ බව වාර්තා වේ.

එම වැඩිහිටි නිවාසයේ රැඳී සිටියදී ඊයේ (05) පස්වරුවේ ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජෝර්ජ්  මාස්ටර් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.