බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටී.
එම දිස්ත්‍රික්කයේ සභාපති රංජිත් දිසානායක මහතා සඳහන් කරන්නේ දිස්ත්‍රික්කය තුළ කොරෝනා මර්ධන කටයුතු සඳහා වන වැඩි පිළිවෙල නිසි පරිදි සිදු කිරීමට හැකියාවක් නොමැති නිසා එම තීරණය ගත් බවයි.
එම ක්‍රියාවලියේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන්නේ කිනම් රාජකාරි දැයි නිශ්චිතව පැහැදිලි කර ගැනීමමට වුවමනා වුවද නමුත් අද වන තුරුද ඒවා දැනුම් දී නැතැයි ද ඔහු සඳහන් කළේය.
ජනතාවට සේවය ඉටු කිරීමේ අවශ්‍යතාවය මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියේය.