ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් REDS කණ්ඩායම සමත් වී තිබේ.
දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් REDS කණ්ඩායම සහ අෂාන් ප්‍රියංජනගේ නායකත්වයනේ යුත් GREENS කණ්ඩායම අතර ඊයේ පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් ඉනිමක් පන්දුවාර 15කට සීමාවිය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් GREENS කණ්ඩායම නියමිත පන්දුවාර 15 අවසානයේ කඩුලු 7ක් දැවි රැස් කළ ලකුණු සංඛයාව 114කි.
ලකුණු 115ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය REDS කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3කදී කඩුලු 4ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියේය.
එම ජයත් සමග අවසන් තරගයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට REDS කණ්ඩාය සමත් වූ අතර තරගාවලියේ අවසන් තරගය හෙට රාත්‍රී 7ට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් REDS කණ්ඩායම සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් GREYS කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.