Ada-Derana-1140-X-60-S 1200 add-02

T20 තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හිතාමතාම දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වුණා ද ?

230
11453136468821839297
add-01

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් හිතාමතාම දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වු බවට ඇතැම් පාර්ශ්ව  සිදුකරන චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එවැනි ක්‍රිඩකයින් සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් කිසිඳු පැමිණිල්ලක් මේ වනතෙක් ලැබී නොමැති අතර දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය කළ එක්දින තරඟාවලියට ක්‍රිඩා කළේද එකම කණ්ඩායමක් බව ක්‍රිකට් ආයතනය අවධාරණය කරයි.

එක්දින තරඟාවලි 2-1 ලෙස ජයගැනීමට මෙන්ම ලෝක කුසලාන තරඟාවලියේ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ ස්ථානයකට පැමිණීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වු බව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදානම් වන මෙම අවස්ථාවේ අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශයවීම තුළ කණ්ඩායම ව්‍යාකුල තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බැවින් මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරයෙන් වැලකි සිටින ලෙස ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කරයි.